පුෂ්පිකාගේ කිරුලේ නඩුවත් කල්යයි
ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගේ හිස රැදි කිරුළ ගලවා තුවාල කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන සාක්ෂි විභාගය ලබන අගෝස්තු මස (22) දක්වා කල් තැබීමට අද (30) නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින්.
මෙම සිද්ධියේ පැමිණිලිකාර පුෂ්පිකා ද සිල්වා අසනීප තත්ත්වයක් නිසා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සාක්ෂි විභාගය කල් තබන ලෙසට ඇගේ නීතිඥ අමිල සංජීව මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි
හා නිරූපන ශිල්පිනි චුලා පද්මේන්ද්‍ර තමන් නිවැරදිකරුවන් බව අධිකරණයේ දී ඉකුත් අප්‍රේල් මස (04) වැනිද ප්‍රකාශ කර තිබුණා.
ඒ ඔවුන්ට එරෙහි චෝදනා කියවා දීමෙන් අනතුරුවයි.
අදාළ දෙපාර්ශවයම මින් පෙර අධිකරණය මගින් සමථ මණ්ඩලයට යොමු කළ ද සමථයක් නොවුණු බැවින් නඩුව විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා.
2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා 2021 අප්‍රේල් (05) මස වන දින කරණු ලැබු පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබුණා.