Latest News

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 96 හැවිරිදි වියේ පසුවූ අතර ඇය 70 වසරක් පුරා කිරුළ දරා තිබෙනවා.

ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර ඊයේ (08) උදෑසන ඇය අසනීප වූ අතර රජ පවුලේ සාමාජිකයින් එම මාළිගය ට පැමිණියා.

ඒ අනුව රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ රජු ලෙස ඇයගේ පුත්‍රයා වන චාල්ස් කුමරු පත්වනවා.