රැජිනගේ අභාවය හේතුවෙන් 19 වනදා ශෝක දිනයක් වෙයි
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වනදා මෙරට ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එදින දක්වා ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසටද දැනුම්දී තිබෙනවා.