Latest News

එළිසෙබෙත් මහ රැජිණ ජනපතිට සුබ පතයි

එංගලන්තයේ දෙවන එළිසෙබෙත් මහ රැජිණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහ රැජිණගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එළිසබෙත් මහ රැජිණගේ සුභ පැතුම් පණිවිඩයේ දැක්වෙනුයේ, “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ ඔබට මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ජනාධිපති ධුර කාලය තුළ අප දෙරට අතර උණුසුම් මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි. ඔබගේ අනාගත භූමිකාවට සහ සාර්ථකත්වයට මාගේ සුබ පැතුම් පිරිනමමි”යනුවෙන්.