Latest News

සංචාරක කාන්තා ක්‍රීඩා සැණකෙළියට ප්‍රංශ ක්‍රීඩිකාවන් රැසක් පැමිණෙයි

ලෝකයේ විශාලතම සංචාරක කාන්තා ක්‍රීඩා සැණකෙළිය වන “Raid Amazones” ක්‍රීඩා සැණකෙළිය මාර්තු 16 සිට අප්‍රේල් 04 දක්වා සීගිරියේදී පැවැත්වෙනවා.

මේ සඳහා සහභාගී වන ප්‍රංශ ජාතික කාන්තා ක්‍රීඩිකාවන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 250ක් ඊයේ (14) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය කාලය තුළ මෙම තරගාවලිය නොපවැත්වුණා.

කෙසේනමුත් මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට,තරග සංවිධායකයන් තෝරා ගෙන තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ප්‍රංශයෙන් පමණක් ක්‍රීඩිකාවන් 600ක් සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

ඓතිහාසික සීගිරිය පුරවරය කේන්ද්‍ර කර ගනිමින් අදියර දෙකක් යටතේ,මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

එහි පළමු අදියර එළඹෙන 16 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවන අදියර 22 සිට අප්‍රේල් 04 දක්වා පැවැත්වෙයි.

මෙම ප්‍රංශ ජාතික ක්‍රීඩිකාවන් මෙරටට පැමිණි ගුවන් යානය පැදවූ පළමු ගුවන් නියමුවා හා සහයක ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු අනිකුත් කාර්යය මණ්ඩලයේ සියලුමදෙනා කාන්තාවන් වීම මෙහි විශේෂත්වයක්.