Latest News

8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනපති ධූරයේ දිව්රුම් දෙයි

8 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරිපිටදී යි.

පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් පත් වූ ශ්‍රී ලංකාවේ පළමු වැනි ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ යි.

ඊයේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයෙන් වැඩි ඡන්ද 134ක් ලබා ගනිමින් ඔහු ජනාධිපතිවරයා බවට පත් වුණා.