Latest News

ලාංකීය නිළි රශිප්‍රභා බොලිවුඩයට…

බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන දුෂ්යන්ත් ප්‍රතාප් සිං සහ ප්‍රගති අගර්වාල් ගේ‍ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ “අජේ වර්ධන්” චිත්‍රපටයට ලාංකික නිළි රශිප්‍රභා සංදීපනී සම්බන්ධ වී තිබෙනවා.

රශිප්‍රභා සංදීපනී සමග සමාජ මාධ්‍යවල ඡායාරූපයක් බෙදාහරිමින් අධ්‍යක්‍ෂ දුෂ්යන්ත් ප්‍රතාප් සිං පවසා ඇත්තේ මෙම චිත්‍රපටයේ ප්‍රවර්ධන ගීතය සඳහා ඇය සමග අත්සන් කළ බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් රශිප්‍රභා සංදීපනී කියා සිටියේ බොලිවුඩයේ ජනප්‍රිය අධ්‍යක්ෂක දුෂ්යන්ත් ප්‍රතාප් සිං සමග වැඩ කිරීමට ලැබීම ඇයට භාග්‍යයක් බවත් බොලිවුඩයට පා තැබීමට අවස්ථාව ලබා දීම වෙනුවෙන් එම අධ්‍යක්ෂවරුන්ට ස්තූතිවන්ත වන බවයි.

මෙම ගීතයට රශිප්‍රභා සංදීපනී සමග බොලිවුඩ් නළු අහම් ෂර්මා සම්බන්ධ වන බවට වාර්තා වනවා.

“අජේ වර්ධන්” චිත්‍රපටය නොවැම්බර් 4 වනදා ඉන්දීය සිනමා ශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිතයි.