රශ්මිකාට චිත්‍රපට ක්ෂේතයේ දොරගුළු වැසෙයි…
තෙළිඟු සිනමාවේ බොහෝදෙනකු ආදරය කරන රංගන ශිල්පිනියක් වන රශ්මිකා මන්දනා හට කන්නඩ චිත්‍රපට ක්ෂේතයේ දොරගුළු වැසී යාමේ ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.
පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී රශ්මිකා සිය පළමු සිනමා නිර්මාණය වන Crik Party ගැන සඳහනක් කළා.
කෙසේවෙතත් චිත්‍රපටයේ නිෂ්පාදකයින් හෝ වෙන කිසිඳු දෙයක් ගැන ඇය සඳහන් නොකිරීම ගැන බොහෝ දෙනෙක් විමතියට පත්ව තිබෙනවා.
බොහෝ දෙනෙක් ඇයට දෝෂාරෝපණය කර තිබුණේ ඇය තමන්ව පෝෂණය කළ කන්නඩ සිනමාව සම්පූර්ණයෙන්ම අමතක කර ඇති බවයි.
එමෙන්ම මේ හේතුවෙන් රශ්මිකාට කන්නඩ චිත්‍රපට ක්ෂේතයේ දොරගුළු වැසී යාමේ ඉඩකඩක් ද පවතින බවත් ඇතැම් විටෙක රශ්මිකාට කන්නඩ සිනමා පටවල රඟපෑම තහනම් වනු ඇති බවත් වාර්තා වනවා.
රශ්මිකා “ගීත ගෝවින්දම්” චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන අතර ඇය කාර්තික්ගේ “සුල්තාන්” චිත්‍රපටය හරහා දමිළ සිනමාවට පිවිසෙනවා.
එසේම, තලපති විජෙයි සමගත් ඇයට රංගනයේ යෙදෙන්න වරම් ලැබුණා.