මඤ්ඤොක්කා පොතු තෙලට
අවශ්‍ය ද්‍රව්‍ය
මඤ්ඤොක්කා පොතු 250g
ලූනු (පොඩියට කපාගත්) 100g
අමුමිරිස් (හතරට පලාගත්) කරල් 5
තක්කාලි (පොඩියට කපාගත්) 50g
කූණිස්සෝ/උම්බලකඩ කුඩු මේස හැඳි 1
රම්පේ අඟල් 1/2
කරපිංචා (පොඩියට කපාගත්) මේස හැඳි 1
වියළි කැබලි මිරිස් මේස හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
මිටිකිරි අඬුකෝප්ප 1/4
තෙල් මේස හැඳි 1
ලුණු රස අනුව
සාදන ක්‍රමය
මඤ්ඤොක්කා පොතුවල ඇති කළු දුඹුරු පාට පොත්ත ඉවත්කර සෝදාගන්න.
වතුර භාජනයක් ලිප තබා උතුරන විට එයට මඤ්ඤොක්කා පොතු, කහ ස්වල්පයක් හා ලුණු දමා වතුර පෙරාගන්න.
වතුර හොඳින් ඉවත් වූ පසු ගිනිකූරු හැඩයට කපාගන්න.
භාජනයක් ගෙන ලිප තබා තෙල් එක්කර ලූනු, රම්පේ, කරපිංචා, කුරුඳුපොතු රන්වන් පාටට බැදගන්න.
එයට කැබලි මිරිස්, කූණිස්සෝ සහ අමු මිරිස් එක්කර තරමක් බැදගන්න.
තක්කාලි එකතු කර අඩු ගින්දරේ විනාඩියක් පමණ බැද කපාගත් මඤ්ඤොක්කා පොතු දමා මිටිකිරි දමා හොඳින් සිඳුවාගන්න.
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා