ඉවුම් පිහුම්

අලු පුහුල් ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය

පුහුල් 500g

පොල් ගෙඩියක කිරි

තුනපහ (බැද කුඩු කරගත්) මේස හැඳි 1

මිරිස් (බැද කුඩු කරගත්) තේ හැඳි 2

තක්කාලි ගෙඩියක්

කරාබු නැටි 2

එනසාල් කරලක්

කුරුඳු කැබැල්ලක්

ඉඟුරු කැබැල්ලක්

අබ ස්වල්පයක්

අමුමිරිස් අවශ්‍ය පමණ

රතුලූනු අවශ්‍ය පමණ

රම්පේ අවශ්‍ය පමණ

කරපිංචා අවශ්‍ය පමණ

ලුණු අවශ්‍ය පමණ

කහකුඩු අවශ්‍ය පමණ

උම්බලකඩ අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය

පුහුල් පොතු හැර ගෑරුප්පුවකින් ඇන කෑලි කපාගන්න.

සෝදා, හොඳින් ජලය ඉවත් කරන්න.

පුහුල් කැබලි භාජනයකට දමා එයට දියකිරි දමා රම්පේ, කරපිංචා සහ අවශ්‍ය තුනපහ දමා ලිප තබන්න.

ගම්මිරිස්, කරාබුනැටි, එනසාල්, ඉඟුරු එකට දමා පුහුල් කැබලි තැම්බුණු විට එයට එක් කරන්න.

දියකිරි හිඳුනු පසු මිටිකිරි දමා මද ගින්නේ පිසගන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා