Latest News

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල ධාරිතාව ඉහළට

පවතින වැසි තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල ධාරිතාවය සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ප්‍රධාන වාරි ජලාශ 73න් ජලාශ 9ක් වාන් දමමින් පවතින අතර, තවත් ජලාශ 20ක් උපරිම ධාරිතාවයට ළගා වී ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළා.