Latest News

ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන ළමුන්ගේ වැඩිවීමක්…

මේ දිනවල ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන ළමුන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ වෛද්‍ය චන්න ද සිල්වා පවසා සිටියේ පවතින ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝග ගණනාවක් හේතුවෙන් මෙලෙස ළමුන් රෝගී වන බවයි.

සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ළමුන්ට නිතර වැළඳීම සාමාන්‍ය තත්ත්වයක් බව පවසන වෛද්‍යවරයා රෝග වැළඳුන ළමුන් පාසල් හා පෙරපාසල් යැවීමෙන් වළකින ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.