Latest News

විශ්‍රාම යන වයස වෙනස් වෙයි

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ දැනට පවතින අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝකිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට ඉකුත් මාර්තු 23 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබුණා.

සකස් කරන ලද මූලික කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමේ කමිටුවේ දී අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සහභාගීත්වය ඇතිව තවදුරටත් සාකච්ඡා කර ඇත.

එම කමිටුවේ දී එළඹී එකඟතාව පරිදි යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයන්ට උපරිම වශයෙන් අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමටත් නියමිතයි.

එම විධිවිධාන ඇතුළත් කර සකස් කර ඇති පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.