ගෑස් සහ බොරතෙල් කැනීම් කිරීමට මාර්ග සිතියමක්
මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදු කර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නේ කාරක සභාව එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී යි.
මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ, ලංකාවේ සැලසුම් කොට ඇති ස්වභාවික වායු කැනීමේ ව්‍යාපෘති (LNG) පිළිබඳව සහ ඒ්වායේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කිරීමක් අමාත්‍යාංශ නිලධාරීන් සිදු කළ අතර මෙම කැනීම් සඳහා විවිධ බාධාවන් පවතින බවයි.
ඒ අනුව පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් මේ සඳහා සම්බන්ධ වන පාර්ශ්වයන් පිළිබඳව විමසන ලද අතර මෙම කැනීම් සඳහා විදේශයන්හි උපදෙස් අවශ්‍යවන්නේ දැයි විමසා සිටියා.
එහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ, කැණීම් සඳහා වෙනත් රජයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොවන බවයි.
ඒ අනුව කෝපා කමිටුව විසින් නිලධාරීන්ට සඳහන් කලේ, මෙම කැනීම් ඉක්මනින් සිදු කොට අවසන් විය යුතු බවත් එය රටේ අවශ්‍යතාවයක් බවත් එබැවින් මෙම කැනීම් සිදු කිරීමට මාර්ග සිතියමක් ඉක්මනින් සකස් කරන ලෙසයි.