නිවෙස් හිමි කාන්තාවට නිදි පෙති දී රන්භාණ්ඩ කොල්ල කයි
කුලියට නිවසක් ලබා ගන්නා මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී රන්භාණ්ඩ කොල්ල කෑ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකරුවන් පේරාදෙණිය, පිළිමතලාව සහ දොම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
වයස අවුරුදු 17ත් 50ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටිනවා.
එහිදී සැකකරුවන් විසින් නිවස හිමි කාන්තාවට පිහියක් පෙන්වා බිය ගන්වමින් හා පහර දෙමින් නිදි පෙති දී මෙම මංකොල්ලය සිදු කර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව සොරා ගත් රන් භාණ්ඩවලින් කොටසක් මෙම සැකකරුවන් විසින් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා ඇති අතර අනෙක් කොටස පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි උකස් ආයතනයකට උකස්කර මුදල් ලබාගෙන තිබෙනවා.
සැකකරුවන් පිරිස විසින් මීට වසරකට පමණ පෙර අදාළ කාන්තාවට අයත් කඩ කාමරයක් කුලියට ගෙන එහි ආපන ශාලාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලීසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.