හෙදියට අතවර කරන්න ආ පුද්ගලයා රන් මාලය කොල්ලකා පළායයි
රෝගියෙකු මෙන් වෙස්ගත් පුද්ගලයෙක් හෙද සහයිකාවකට ලිංගික අතවර කිරීමට තැත්කර පසුව ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පළාගොස් තිබෙනවා.
කැස්බෑව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී මෙය සිදුවී ඇත.
එහිදී අදාළ සැකකරු වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටි වයෝවෘද්ධ සේවකයෙකුගේ අත්පා බැඳ දමා මෙම කොල්ලකෑම සිදුකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය සිදුකළ විමර්ශනවලට අනුව “ගෝනපොළ සුදු” නමැති 29 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු එලෙස කොල්ලකා තිබූ රන් මාලය සහ පෙන්ඩනය පිළියන්දල පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබියදී සොයාගනු ලැබුවා.
අදාළ සැකකරු ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයකු ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ වෛද්‍යවරයා හමුවීමට හෙද සහයිකාවගෙන් අංකයක් ඉල්ලා ඇති අතර එහිදී හෙද සහයිකාව පවසා ඇත්තේ අංක ලබාදෙන්නේ සවස 3න් පසුව බවයි.
පසුව සැකකරු පිටවගොස් විනාඩි කිහිපයකින් යළිත් පැමිණ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉහළ මහලයට ගොස් තිබුණ අතර එහි සිටි වයෝවෘද්ධ සේවකයාට උල් පිහියක් පෙන්වා බියගන්වා කාමරයකට ඇඳගෙන ගොස් අත්පා ගෙටගසා ඔහු සතුව තිබූ යතුරුකැරැල්ල උදුරාගෙන ඇත.
අනතුරුව සැකකරු යතුරුකැරැල්ල හෙද සහයිකාවට ලබාදී එය උඩු මහලට රැගෙන එන්නැයි සේවකයා පැවසූ බව ඇයට පවසා ඇති අතර පසුව ඇය පසුපසින් පැමිණ ඇති සැකකරු උඩු මහලේදී ඇයව අල්ලාගෙන උල් පිහිය පෙන්වා බියගන්වා තිබෙනවා.
පසුව ඇයට ලිංගික අතවර කිරීමට සැකකරු උත්සාහ කර තිබෙන අතර ඉන් මිදීමට හෙද සේවිකාව සැකකරු සමග බොරබැදීමේදී සැකකරු ඇයගේ රන් මාලය කොල්ලකා පළාගොස් තිබූ බව පොලීසිය සඳහන් කළා.
රන් මාලය කොල්ලකෑමෙන් අනතුරුව සැකකරු වෛද්‍ය මධ්‍යස්ථානය පිටුපස මාර්ගයට ගොස් ගෝනමඩිත්ත ප්‍රදේශයේදී ඉදිරියට පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නතරකර රන් භාණ්ඩ උකස් ගන්නා මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබෙනවා.
රන් භාණ්ඩය උකස් කර රුපියල් 60,000ක් ලබාගෙන ඇති සැකකරු එම ත්‍රීරෝද රථයෙන්ම ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයට පැමිණ තිබුණා.
පොලීසිය සඳහන් කළේ සැකකරු බඩෝවිට ප්‍රදේශයෙන් රුපියල් 40,000ක මත්කුඩු මිලදී ගත් බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවයි.
මේ කිසිවක් නොදත් ත්‍රීරෝද රථ රියදුරු නැවත නිවසට පැමිණෙන විට තම දියණියගේ රන් මාලය කොල්ලකා ඇති බවට දැනගෙන ඇත.
එහිදී තම ත්‍රීරෝද රථයේ ගමන් කර ඇත්තේ එම සැකකරු බවට ඔහු විසින් සැකකර ඒ බව පොලීසියට පවසා තිබෙනවා.
ඒ අනුව පොලීසිය CCTV දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණ අනුව සැකකරුව කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් මින් පෙර සොරාගත් මුදල් පසුම්බියක තිබූ රියරුදු බලපත්‍රයක් හරහා රන් භාණ්ඩය උකස් කර තිබූ බවද හෙළිවී තිබෙනවා.