Latest News

“මේ ආණ්ඩුව කරන්නෙ කළු පාට කුරුල්ලෙක්” – රෝහිණි කවිරත්න

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ලබන පරාජයන් රැසක ආරම්භය අද සනිටුහන් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පවසනවා.

පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කතානායක ධූරය සඳහා තම නම යෝජනා වීම සම්බන්ධයෙන් ස්තූතිය ප්‍රකාශ කිරීමේදී ඇය මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කලේ,

“අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් ආරම්භ වෙනවා. මොකද රාජපක්ෂවරු තමන්ගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක කරන බව අද පෙන්නුවා. මෙවැනි සුළු කාරණාවකදීවත් තම කණ්ඩායම එකඟ කරව ගන්න බැරි වෙලා තියෙනවා.මට ආරංචි වෙලා තිබුණු හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන සියලු දෙනාගේ එකඟතාව තිබුණා කියන එක. නමුත් අද පෙන්නුවා මේ ආණ්ඩුව කරන්නෙ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් නෙවෙයි කළු පාට කුරුල්ලෙක් කියලා.”