ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව දකුණු කොරියාවේදී අතුරුදන් වෙයි
රග්බි ආසියානු සත් සාමාජික තරඟාවලියට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන්ව තිබෙනවා.
ඊයේ (13) දිනයේ දී සිය තරඟයට එක්වීමෙන් අනතුරුව ඇය මෙලෙස අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට රග්බි කණ්ඩායමේ කළමනාකරු විසින් කොරියානු රග්බි සංගමයේ නිලධාරීන් මාර්ගයෙන් පොලිසියට දන්වා තිබෙනවා.
ඒ අනුව මේ වනවිට ඉන්චියොන් හි නැම්ඩො පොලිසිය ඇය සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද (14) පෙරවරු 11.30 ට පමණ ඉන්චියොන් ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටෙන් පිටවීමට පෙර දුලානිව සොයාගැනීමට උපරිම උත්සාහය ගන්නා බව කොරියානු පොලිසිය පවසනවා.