Latest News

ලොව උසම කාන්තාව පළමු වරට ගුවනින් යයි…

ලොව උසම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාව හිමි තුර්කි ජාතික Rumeysa Gelgi පසුගිය දා පළමු වරට ගුවන් ගමනක නිරත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇය ඉස්තාන්බුල් සිට සැන් ෆ්රැන්සිස්කෝ දක්වා ගමන් කර ඇති බවයි.‍

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ ගුවන් යානය තුළ ඇයට අසුන් ගැනීම සඳහා ආසන 6ක් ඉවත් කළ බවයි.

කෙසේ වෙතත්, පැය 13ක පමණ වූ ගුවන් ගමනෙහි වැඩි කාලයක් නිදා ගනිමින් යාමට ඇයට සිදු වීම වි‍ශේෂත්වයකි.

Rumeysa Gelgiගේ උස අඩි 7යි අඟල් 7කි.

“මෙය මගේ පළමු ගුවන් ගමනයි, නමුත් එය නිසැකව ම අවසාන ගුවන් ගමන නොවේ,” යැයි ඇය ප්‍රකාශ කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ මෙම ගුවන් ගමනේ නිරත වී ඇති ඇය ඉදිරි මාස 6 ඇමෙරිකා එක්සත් ජනපදයේ ගත කිරීමට නියමිතව තිබෙනවා.

ජීවත්ව සිටින ලොව උස ම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇය 2021 වසරේදී හිමිකම් කියනු ලැබුවා.

ඇයට Weaver syndrome නම් රෝගී තත්ත්වයක් ඇති අතර ඉන් අස්ථි වේගයෙන් වර්ධනය වන අතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වේ.