News

S B දිසානායකගේ ආරක්ෂකයින් යළි රිමාන්ඩ්

ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේදි ඉකුත් 7 දින තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කලේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරින් දෙදෙනා මේ මස 25 දින දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර කිරිමට ඊයේ (11) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද (11) නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධානාගත කරනු ලැබුවේ ඇමති ආරක්ෂක අංශයේ පොකො ජානක ප්‍රේමසිරි (49559) , පොකො දුමින්ද ලක්මාල් (50391) යන නිලධාරින් දෙදෙනායි.

එම සැකකරුවන් දෙදෙනා අධිකරණය මගින් අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබු අතර එම සැකකරුවන් දෙදෙනා අද හදුනාගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරනු ලැබුහ.

ඉකුත් 7 වෙනිදා ගිනිගත්හේන පොල් පිටිය ප්‍රදේශයේදි වැන් රථයකින් ගමන් කරමින් සිටි තරුණයන් පිරිසක් සහ සැකකාර පොලිස් නිලධාරින් අතර ඇති වුවේ යැයි කියන බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු සැකකාර පොලිස් නිලධාරින් තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයක් චෝදනා ලබා සිටියි.