Latest News

සජබ ට එරෙහිව ඩයනාගේ පෙත්සමට ලැබුණ තීන්දුව

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දී තිබෙනවා.

ඒ, අදාළ පෙත්සම අද (31) කැඳවූ අවස්ථාවේ දී යි.

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරිය විසින් පෙත්සම ඉදිරිපත්කර තිබෙනවා.

ඒ අනුව එහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු විසින් විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් පෙත්සම කැඳවූ අවස්ථාවේ දී විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා මැයි මස 22 වනදා දක්වා අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.