ජනපති අපේක්ෂකත්වයෙන් සජිත් ඉවත් වෙයි – සහාය ඩලස්ට
ජනපති ධූරය සඳහා තරඟ වැදීමට සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අපේක්ෂකත්වයෙන් ඉවත්වන බව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ, ඔහු නායකත්වය ලබාදෙන සමගි ජනබලවේගය පක්ෂය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට සහාය දීමට තීරණය කිරීම හේතුවෙන්.