Latest News

කාන්තාවන්ට දේශපාලනයට එන්න සියලු බාධා ඉවත් කළ යුතුයි – විපක්ෂ නායක

කාන්තාවන් සඳහා දේශපාලනයට පිවිසීමට ඇති බාධා සියල්ලම ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකතුමා මේ බව සඳහන් කලේ, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක් වෙමින්.

ප්‍රජාතන්ත්‍රවාදය, නායකත්වය සහ කාන්තාව යන මැයෙන් වූ විශේෂ මහජන සේවා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන පවත්වා තිබෙනවා.

අදාළ වැඩසටහන පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ පැෆරල් සංවිධානය විසින් සංවිධානය කර තිබෙනවා.