Latest News

ටේබල් ටෙනිස් යොවුන් ලෝක කුසලානයට ලංකාවේ සනායා ඕස්ට්‍රේලියාව නියෝජනය කරයි

ශ්‍රී ලාංකික ටේබල් ටෙනිස් ශුරියක් වන සනායා බුද්ධදාස ලබන දෙසැම්බර් 4 වනදා සිට 11 වනදා දක්වා ටියුනිසියාවේ ටියුනිස්නුවර පැවැත්වෙන ටේබල් ටෙනිස් යොවුන් ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරඟ වැදීමට නියමිතයි.

ඇය එම තරඟාවලියට තරඟ වදින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමිනුයි.

මෙම තරඟයේදී ඇය 19න් පහළ කේවල, යුගළ හා මිශ්‍ර යුගල යන අංශ තුනෙන්ම තරඟ වැදීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්නුවර මේරිබිනොන්ග් උසස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට යාමට පෙර සනායා වයස අවුරුදු 12 දී ශ්‍ර්‍රීලංකා අවුරුදු 15න් පහල කණ්ඩායම නියෝජනය කර තිබුණා.

ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, මේ වන විට ඕස්ට්‍රේලියා යොවුන් ටේබල් ටෙනිස් සමග විදෙස් පුහුණුවක නිරතව සිටිනවා.

සනායා බුද්ධදාස විසින් මෙම අවස්ථාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා,

“මං ඕස්ට්‍රේලියාවට එනකොට බලාපොරොත්තුවක් තිබුණා කවද හරි ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙන් ඔලිම්පික් නියෝජනය කරන්න. දැනට මං ඕස්ට්‍රේලියාවේ 17න් පහල හා19 න් පහල ශ්‍රේණිගත කිරීම් වල ඉන්නවා. ජාතික විවෘත ශ්‍රේණිගත කිරීම් වල මං නව වැනි ස්ථානයේ ඉන්නවා. ලංකාවෙන් මෙහෙට ඇවිත් සුළු කාලෙකින් ලබා ගත් මේ ජයග්‍රහණ ගැන සතුටුයි! “