තිළිණි ප්‍රියමාලි සමග ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් සංගීතා වීරත්නගෙන් CIDය ප්‍රකාශ ගනියි
මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි සමග ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ ඇය ඊයේ (07) එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී යි.
සංගීතා වීරරත්න මහත්මිය ඊයේ උදෑසන 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී සවස 4.00ට පමණ ඉන් පිටව ගොස් තිබුණා.
තිලිණි ප්‍රියමාලි සමග පැවති ගනුදෙනු සම්බන්ධයෙන් ද ඇය සමග කළ ඇසුර සම්බන්ධයෙන් ද රහස් පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වනවා.
මීට පෙර ද තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කිරීමේ සිද්ධීන්වලට අදාළව කළා ක්ෂේත්‍රයේ 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගත්තා.