ඉහළ යන සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල නිසා දැරියන් පාසල් යාමේ අඩුවක්
වැඩිවියට පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේ දී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
මීට හේතුව ලෙස ඔවුන් සඳහන් කලේ, සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දැරියන් පාසල් නොපැමිණෙන බවයි.
ගුරු වෘත්තිය සමිති සමග ඒකාබද්ධව කොළඹ දී ඊයේ (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව කියා සිටියා.