Latest News

සනීපාරක්ෂක තුවා සඳහා බදු අඩු කිරිමට තීරණයක් – ගීතා කුමාරසිංහ

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළා.

රජයේ ආදායම වැඩි කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ කල් තැබීමේ විවාදයට ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.