සතොසෙන් සහන මල්ලක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක් ඇතුළත් සහන මල්ලක් රුපියල් 1,950 කට හෙට (9) සිට සතොසින් මිලදීගත හැකි බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා.
නාඩු සහ සම්බා සහල් කිලෝ 5 බැගින්, හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400, දුඹුරු සීනි කිලෝවක් සහ තේ කොළ ග්‍රෑම් 400 ක් එම සහන මල්ලට ඇතුළත්.
මෙහිදී වෙළෙඳ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කලේ,මෙම සහන මල්ල මිලදී ගැනීමෙන් පාරිභෝගිකයාට රුපියල් 700 ක වාසියක් ලැබෙන බවයි.