පාසල් නිවාඩුව සංශෝධනය කෙරේ December 3, 2021 5:09 pm No Comments දෙසැම්බර් 23 සිට 27 දක්වා වූ පාසල් නිවාඩුව දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි 02 වනදා දක්වා සංශෝධනය කර ඇත. ඒ අනුව නැවත පාසල් ආරම්භ කරනු ලබන්නේ ජනවාරි 3 වනදායි. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එය බලපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.