Latest News

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ජූලි 25 වනදා ආරම්භ කිරීමට නියමිත පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් තර තිබෙනවා.

එම චක්‍රලේඛය මගින් දන්වා ඇත්තේ, සතියේ දින තුනක් සාමාන්‍ය කාල සීමාවන්හීදී පාසල් පැවත්වීමට තීරණය කර ඇති අතර අනෙක් දින දෙකේදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුවන බවයි.

ඒ අනුව පාසල් ආරම්භ කිරීමෙන් පසු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී සාමාන්‍ය කාල සීමාවන්හි දී පාසල් පැවැත්වෙන අතර බදාදා සහ සිකුරාදා යන දිනවලදී ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්.