පාසල් සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට
රත්නපුර නගරයේ ප්‍රමුඛ පෙළේ බාලක පාසලක සිසුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එම විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (23) ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකාර තැනැත්තා රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස (30) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පිළියන්දල පදිංචි එස්.පී. කළුබෝවිල නමැති 54 හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ සිදුවීම 2021 වසරේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී අපයෝජනයට ලක්වූ සිසුවාගේ (16) දෙමාපියන් විසින් මේ පිළිබඳ කළ පැමිණිල්ලකට අනුව ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.