රඹුටන් ඇටයක් සිරවී පාසල් දරුවෙකු මරුට
රඹුටන් ඇටයක් සිර වීමෙන් 10 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වධර්මරාසා දර්ෂිකන් නමැති සිසුවෙක්.
අදාළ සිදුවීමෙන් පසු ඊයේ (03) එම සිසුවා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.