Latest News

පාපැදියෙන් පාසලට ගිය පාසල් සිසුවා මරුට

දික්වැල්ල උඩදෙණිය ප්‍රදේශයේ දී පාසල් දරුවන් දෙදෙනෙකු ගමන් ගත් පාපැදියක් අනතුරට පත්වීම හේතුවෙන් එක් සිසුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, දික්වැල්ල කෝණ්දෙණිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිසුවෙක්.

අදාළ දරුවන් දෙදෙනා පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එය පාලනය කර ගත නොහැකිව තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙහිදී පොලිසිය සිදුකළ විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ, පාපැදියේ තිරිංග නොමැතිකමින් එය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි.

මේ අතර තුවාල ලැබූ අනෙක් පාසල් සිසුවා මාතර රෝහලට යොමු කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.