Latest News

විදුලි සැර වැදී 17 හැවිරිදි පාසල් සිසුවා මරුට

ගල්ගමුවේ මොට්ටාරම්පොතානේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු විදුලි සැර වැදීමෙන් මියගොස්ව තිබෙනවා.

තම අධ්‍යාපන කටයුතු වලට අවශ්‍යය මුදල් සොයාගැනීම සඳහා කොන්ත්‍රාත්කරුවකු යටතේ කොන්ක්‍රිට් ඇනීමට ගිය මෙම සිසුවා එහිදී මෙලෙස අනතුරට ලක්ව ඇතැයි ගල්ගමුව පොලිසිය පවසනවා.

මෙම සිසුවා සමග තවත් තිදෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඔවුන් රෝහලත් ගත කර ඇතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගල්ගවුව යූ.බී වන්නිනායක ජාතික පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එච්.එම්. ඉමාෂ මධුශාන් හේරත් නමැති සිසුවා මෙලෙස අනතුරින් මියගොස් ඇතැයි සඳහන්.

ඔවුන් සමග වැඩ කළ වෙනත් අයකුට විදුලි සැර වැදී ඇති අතර ඔහු බේරාගැනීමට උත්සහ කිරීමේ දී මෙම සිසුවාට විදුලි සැර වැදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.