සොහොයුරාගේ හැදුනුම්පතින් බාලවයස්කාර දැරියක් හෝටලයකට ගෙනගිය 15 හැවිරිදි සිසුවා
සිය වැඩිමහල් සහෝදරයාගේ ජාතික හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් බාලවයස්කාරියක් තබා ගත් 15 හැවිරිදි පාසල් සිසුවකු උඩුනුවර ළමා රැදවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා නියම කර තිබෙනවා.
ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ පාසලක 10 වසර ඉගෙනුම ලබන සිසුවකු නගරයේ තවත් බාලිකා පාසලක 10 වසර සිසුවියක් මෙලෙස හෝටල් කාමරයකට රැගෙන ගොස් ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවා.
මොවුන් මාස 8ක පෙම්වතුන් වන අතර පසුගිය (19) වැනිදා අතිරේක පන්තියකට යන බව පවසා දෙදෙනාම නාවලපිටිය ප්‍රදේශයේ දිය ඇල්ලකට ගොස් සවස් වන තුරු එහි කාලය ගත කර ඇත.
අනතුරුව එදිනම දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇති අතර පාසල් සිසුවා මෙම ගමනට පෙර සුදානමින් පැමිණ තිබෙනවා.
ඔන්ලයින් පාඩම් සඳහා මව්පියන් ගෙනදුන් ජංගම දුරකථන රුපියල් 7000 කට විකුණා අදාළ පාසල් සිසුවා විසින් ගමන සඳහා මුදල් සොයාගෙන ඇත.
බාලවයස්කරුවන්ට හෝටල් කාමර නොදෙන බව දන්නා මොහු තමාගේ පෙනුම ඇති වැඩිමහල් සොයුරාගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන ඇත්තේ එය එම හෝටල් කාමරයට ලබාදීම සඳහායි.
මේ අයුරින් හෝටල් කාමරය රැගෙන මොවුන් දෙදෙනා එහි නතර වුව ද පාසල් ශිෂ්‍යාවගේ මව එම ශිෂ්‍යාව නිවසට නොපැමිණී බව පවසා දු අතුරුදහන් බවට ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් දමා ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා තිබියදී දින 2කට පසු එම ශිෂ්‍යාව යළි නිවසට පැමිණීම සමග පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමක දී මේ බව හෙළි ව තිබෙනවා.
15 හැවිරිදි මෙම දැරිය දූෂණයට ලක්ව ඇතැයි හෙළිවීම නිසා මෙම සිසුවා අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබුණා.
අදාළ ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණය සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කොට ඇත.