Latest News

මව දුරකථනය නොදුන් නිසා 12 හැවිරිදි සිසුවා සියදිවි නසා ගනියි

සිය මව තම ජංගම දුරකථනය ලබානොදීම හේතුවෙන් උරණ වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානි කරගත් පුවතක් අනුරාධපුර, දහයියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කිරීමට ඇබ්බැහි වී සිටි මෙම සිසුවා අධ්‍යාපන කටයුතු මගහැර තිබීම හේතුවෙන් බැණ වැදී පසුගිය 11 වැනිදා මව ජංගම දුරකථන රැගෙන තිබෙනවා.

ඊට උරණ වූ දරුවා නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවක කාමරයේදී සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් විමර්ශන මගින් හෙළිවී තිබෙනවා.

සිසුවා ඉගෙනීමට දක්ෂයකු වන අතර ඔහු අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයෙන් සිදු කළ කාලයේදී මවගේ ජංගම දුරකතනයෙන් අධ්‍යාපන කටයුතු සිදුකර ඇත.

එම අවස්ථාවේදී දරුවා ජංගම දුරකථන ක්‍රීඩා සඳහා පුරුදු වී ඇතැයි වාර්තා වනවා.