පාසල් ආපනශාලාවක මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට
ගම්පහ පාසලක ආපන ශාලාව තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සමග එම ආපන ශාලාව පවත්වාගෙන යන කාන්තාව ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.
මල්වතු හිරිපිටිය පොලිසියට ලද තොරතුරක් මත ඊයේ උදෑසන පාසලේ ආපන ශාලාව පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී ආහාර ප්‍රදර්ශනය කර තිබෙන ෂෝකේස් එක යට සුරක්ෂිතව සඟවා තිබූ මත් කරල් 37ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මල්වතු හිරිපිටිය පොලිසිය සිදු කරනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.