අපයෝජකයාගෙන් ගැලවුන පාසල් සිසුවිය
පුද්ගලයෙකු විසින් 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දැරීමේ පුවතක් බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අදාළ සිසුවිය ඊයේ (25) සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුව සඳහා පාසලට ගොස් නැවත නිවස වෙත එන අතරතුර මෙම කරදරයට මුහුණ දී තිබෙනවා.
ප්‍රධාන මාර්ග පසුකර ගමට යන අතුරු මාර්ගයේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් මාර්ගය හරස්කර අදාළ සිසුවියට පහර දී අසල පාළු වත්තකට රැගෙන ගොස් ඇත.
පසුව ඇයව අපයෝජනයට ලක්කිරීමට උත්සහ කිරීමේ දී එම සිසුවිය අදාළ පුද්ගලයාගේ මුහුණ හපා කා ඇති අතර, ගලකින් මුහුණට ගසා එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.
පසුව ඇල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු සොයා වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
ගම්වාසීන් පවසා සිටියේ, එම ප්‍රදේශයේ පවතින පාළු ස්වභාවය හේතුවෙන් මීට පෙර ද එවැනි ම අවාසනාවන්ත සිදුවීමක් සිදුව ඇති බවයි.