සා.පෙළ විභාගයට මුහුණ දීමට සිටි දැරිය පිපිරීමක් හේතුවෙන් රෝහල් ගත කෙරෙයි
කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ කිලාලි ප්‍රදේශයේදී සිදුවූ කිසියම් පිපිරීමක් හේතුවෙන් 16 හැවිරිදි සිසුවියක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අදාළ දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදීමට සූදානම්ව සිටි පාසල් සිසුවියක්.
අදාළ සිසුවිය සිය මව හා පියා සමග වගාවන් සඳහා සකස්කළ පැරණි ඉඩමක් බැලීමට ගිය අවස්ථාවේ එම භූමියේ තිබු කිසියම් පුපුරණ ද්‍රව්‍යක් පිපිරීමෙන් මෙලෙස තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
කිලාලි විද්‍යාලය අසළ ඉඩමක අදාළ පිපිරීම සිදුව ඇති අතර, තුවාල ලැබු දැරිය කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
පිපිරීමෙන් දැරියගේ වම් පාදයට තුවාල සිදුවී ඇති අතර පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමුකර ඇති බවද පොලිසිය සඳහන් කළා.