Latest News

බාල වයස්කාර දැරියක් දින විස්සක් රඳවාගෙන සිටි තරුණයෙක් රිමාන්ඩ් භාරයට

බලා වයස්කාර පාසල් සිසුවියක් දින විස්සකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි තරුණයෙකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුනේ මිනුවන්ගොඩ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

මෙහිදී අදාළ දැරිය අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණ අතර දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවූ අධිකරණය එම දැරිය මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.

අදාළ දැරිය හා සැකකාර තරුණයා සුපිරි වෙළෙඳ සලක් අසලදී මුණ ගැසීමෙන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කලේ, සැකකරු විසින් දැරියව මදුරන්කුලිය ප්‍රදේශයේ ඥාති නිවසක දින විස්සකට ආසන්න කාලයක් රඳවාගෙන තබාගෙන ඇති බවයි.

මෙහිදී සැකකරුට තවත් ප්‍රේමවන්තියක් සිටින බවත් ඇය සහ මෙම දැරිය අතර සම්බන්ධතාවයක් ගොඩනැඟී තිබූ බවත් අධිකරණයේදී සඳහන්වී තිබුණා.

සැකකරුගේ එම ප්‍රේමවන්තිය කළ උපක්‍රමයක් මගින් අදාළ දැරිය හොර රහසේ සිය මව්පියන් සොයා පැමිණ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිනුවන්ගොඩ පොලිසිය සිදුකරනවා.