Latest News

සිසුවියක් ලිංගික අපයෝජනය කළ 5 දෙනෙකු පොලිසියට කොටුවෙයි

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස ලග්ගල ගලේ්යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සිට 39 දක්වා වයස්වල පුද්ගලයින් බවත් එයින් වැඩි දෙනා විවාහකයන් බවත් වාර්තා වනවා.

මෙහිදී ලග්ගල පොලිසිය සඳහන් කලේ, තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි.

සිද්ධියට මුහුණ දුන් දැරිය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

අදාළ දැරිය ගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව තවත් පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් පිටත් කර යැව්වද ඔවුන් එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වනවා.

ලග්ගල ප්‍රදේශ ඉතා දිළිඳු පවුලක ජීවත් වන මෙම බාල වයස්කාර දැරිය සිය මිත්තණියගේ භාරකාරත්වයේ රැඳී සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ලග්ගල පොලිසිය හා ළමා හා කාන්තා කාර්යාංශය සිදු කරනවා.