Latest News

දණහිසේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන දැරියකට උපකාර අවශ්‍යයි

බළන්ගොඩ ජාතික පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි නෙත්මි තරුෂිකා සිසුවිය දණහිසේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන බැවින් ඇය මේ වන මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

අදාළ දැරිය සුවපත් කර ගැනීම සඳහා සිදු කෙරෙන සැත්කම සඳහා අස්ථි කොටසක් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 35 ක පමණ මුදලක් වැය වන බව එම රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය කරුණාරත්න මහතා සඳහන් කර ඇත.

සැත්කම සඳහා අවශ්‍ය මුදල සපයා ගැනීමට ඇයගේ මව්පියන්ට අසීරු වී ඇති බැවින් ඒ සඳහා පරිත්‍යාගශිලින්ගෙන් අධාර උපකාර ලබා ගැනීමට සිදු වී තිබෙනවා.

ඒ සඳහා දැරියගේ පියා වන එල්. අජිත් ප්‍රියන්ත නමින් පිළියන්දල සෙලාන් බැංකුවේ අරඹා ඇති අංක 099010622468120 දරණ ගිණුමට අදාල පරිත්‍යාග ලබා දෙන ලෙස දෙමව්පියෝ කාරුණිකව ඉල්ලා සිටිනවා.

දැරිය සම්බන්ධයෙන් වැඩි විස්තර 077 6773452 යන දුරකථන අංකයෙන් ලබා ගත හැක.