ළිඳකට වැටී පාසල් දැරියක් මරුට
නෙල්ලිඅඩි පොලිස් වසමේ කරනවායි, කරවෙඩ්ඩි ප්රදේශයේ 16 හැවිරිදි දැරියක් ළිඳකට වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (18) රාත්රී කාලයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බව පොලිසිය සඳහන් කළා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, කරවෙඩ්ඩි ප්රදේශයේ පදිංචි පාසල් දැරියක්.
මෘත ශරීරය පේදුරුතුඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අරත සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.