පාසලේදී බිම ඇද වැටීමෙන් 12 හැවිරිදි දැරියක් මරුට
පුත්තලම මනගුන්ඩුව ප්‍රදේශයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන දැරියක් බිම ඇද වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ දැරිය පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ, 12 හැවිරිදි මනගුන්ඩුව පුත්තලම ප්‍රදේශයේ පදිංචි දැරියක්.
පාසල් අවසන් කිරීමේ සීනුව නාද වීමෙන් පසු මෙම දැරිය ආගම සිහි කිරීමේ කටයුතු සඳහා පන්ති කාමරයේ සිට ක්‍රීඩාංගනය වෙත දිව යාමේදී පය පැටලී බිම ඇද වැටී තිබෙනවා.
අදාළ දැරියගේ මෘතශරීරය මේ වන විට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පුත්තලම පොලිසිය සිදුකරනවා.