කොවිඩ් ආසාදනය වී 11 හැවිරිදි පාසල් දැරියක් මරුට
නාත්තන්ඩිය දම්මිස්සර ජාතික පාසලේ සිසුවියක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස්ව තිබෙනවා.
මෙලෙස මියගොස්ව ඇත්තේ එම විදුහලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තබ්බෝව ප්‍රදේශයේ පදිංචි බී.එම්.ටී මනීෂා කුමාරි නමැති ශිෂ්‍යාවයි.
අදාළ දැරිය මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබෙනවා.
පසුගිය 28 වන දා පාසල් ගොස් නිවසට පැමිණෙන අතරතුර දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් ඇයව මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ අසාද්‍ය තත්ත්වය සලකා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර ඇත.
ඇයව රෝහල්ගත කරන අවස්ථාවේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණු පසු ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
කෙසේවෙතත් ඇයට තිබූ වෙනත් සංකූලතා මොනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.