Latest News

පාසල් දැරියක් පැහැර ගැනීමට ගත් උත්සාහය වරදියි

පාසල් යමින් සිටි 12 හැවිරිදි දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ දැරිය පාසල් යාම සඳහා අද (27) උදෑසන නිවසේ සිට ගමන් කරමින් සිටිය දී ලඳු කැලෑවක සැඟව සිටි මුහුණු ආවරණය කරගත් පුද්ගලයකු ඇය පැළඳ සිටි ටයි පටියෙන් දෑත් පිටුපසට ගැට ගසා පැහැර ගැනීමට තැත් කර තිබෙනවා.

එහිදී අදාළ දැරියගේ කෑ ගැසීම නිසා අසල වත්තක රබර් කපමින් සිටි කාන්තාවක පැමිණීමත් සමග දැරිය බේරාගැනීම හේතුවෙන් සැකකරු පැන ගොස් ඇති බව රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.

සිද්ධියට මුහුණදුන් දැරිය රත්නපුර පාසලක හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.