කොස්ගම පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්
කොස්ගම සාලාව ප්‍රදේශයේ පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, කොස්ගම සාලාව වතුයායේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක්.
අදාළ දැරිය අධ්‍යාපනය ලබන පාසලේ ශ්‍රමදානයක් ඇති බව පවසා ඉකුත් (05) වනදා උදෑසන 8 පමණ නිවසෙන් පිටත්ව ගොස්ව ඇති බව පොලිසිය සඳහන් කළා.
කෙසේවෙතත් නැවත ඇය නිවසට නොපැමිණීම නිසා දැරියගේ මව්පියන් විසින් සොයා බැලූ බව දැරියගේ මව පොලිසියට පවසා තිබෙනවා.