Latest News

ආදර ඇරයුමට පිටුපෑ පාසල් සිසුවියට පොරවකින් පහරදී ඝාතනය කරයි

18 හැවිරිදි පාසල් සිසුවියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, හාලිඇල උඩුවර වත්ත පහළ කොටසේ පදිංචි ධර්මරාජ් ලිබියා නැමති පාසල් සිසුවියක්.

සැකකාර තැනැත්තා එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් හාලිඇල පොලිසිය සඳහන් කළා.

ඝාතනයට ලක්වූ දැරිය පාසල නිමවී බසයෙන් බැස උඩුවර වලස්බැද්ද මාර්ගයේ පාගමනින් යන අතරතුර ඇගෙන් ආදරය අයැද සිටි සැකකාර තරුණයා විසින් සිසුවියගේ හිසට පොරොවෙන් කිහිපවරක් පහරදී ඝාතනය කර තිබෙන බවයි පොලිසිය සඳහන් කලේ.

ඝාතනයට ලක්වු තරුණියගෙන් වසර කිහිපයක සිට ආදරය අයදිමින් සිටි සැකකාර තරුණයා පසුගිය වසරේදි සිසුවියගේ මවට
හා සහෝදරයෙකුට පොරොවකින් පහරදීමක් සම්බන්ධයෙන් ද සමථ මණ්ඩලයේ නඩුවක් පැවැත්වෙනවා.

ඝාතනයට ලක්වු සිසුවියගේ මෘත දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ හාලිඇල පොලිසිය සිදුකරනවා.