Latest News

දෙමාපියන්ගේ කෝලහාල වලට විරුද්ධව දැරියක් පොලීසි යයි

සිය දෙමාපියන් දිනපතා නිවසේදී රණ්ඩු වන බැවින් තමාට නිදහසේ ජීවත්විය නොහැකි බව පවසමින් 14 හැවිරිදි පාසල් සිසුවියක් යාපනය , අච්චුවේලී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් දැරිය පොලිසියට සඳහන් කර ඇත්තේ, සිය පියා මත්පැන් පානය කොට පැමිණ මව සමග නිතර කෝලහාල කරන බැවින් ඔවුන්ගේ මෙම හැසිරීම තමන්ට ඉවසිය නොහැකි බවයි.

සිය සහෝදරයන් දෙදෙනාට මෙන්ම කුඩා නැඟණියටත් නිවසේ ජිවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි ද දැරිය විසින් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඇයගේ පැමිණිල්ල මත 45 හැවිරිදි එම පියා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

,
කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිවාස නිලධාරීන් විසින් දැරියගේ මවට ද දැඩි ලෙස අවවාද කොට දැරිය මවට භාර දී තිබෙනවා.

අච්චුවේලී පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.