ශිෂ්‍යාවන් 6කට ලිංගික අතවර කළ ගුරුවරයා අත්අඩංගුවට ගන්නැයි විරෝධතාවක්
පාසල් ශිෂ්‍යාවන් හය දෙනෙකුට ලිංගික අතවර කර පළා ගිය පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගන්න ලෙස ඉල්ලා මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් එකතු වී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා විසින් ඊයේ (30) පොලිසියට නියෝග කළා.
මුලතිව් පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ශිෂ්‍යාවන් හය දෙනා රෝහල්ගත කොට ලබා ගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.
සැකකාර ගුරුවරයා විසින් අදාළ ශිෂ්‍යාවන් ලිංගික කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ, ඔවුන්ට ප්‍රේම සබඳතා ගොඩනඟා ගැනීමට අනුබල හා උදව් උපකාර දෙමින් බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් අදාළ සිදුවීම වූ දවසේ සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.